Thursday, March 1, 2012

Thanivi Sitinnai Ma Adahas Kare - තනි වී සිටින්නයි මා අදහස් කලේ

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ

මගෙ පාළු ලෝකයෙ තනිවූ මෙමා
සක්විතිරජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

ඔබෙ චේතනා අගනා මා සිතදනි
අවට ලෝකයෙ බැලුම් විෂකටු වැනි
ඒ කටු අපේ දෙහදේ පතුලේ ඇනි
ගන දුක් වේදනා රුධිරය වැනි

No comments:

Post a Comment